ජීඑස්පී ප්‍රතිලාබ සේවකයන්ටත් දෙන පාටයි


පොදු වරණීය බදු සහනය (ජීඑස්පී ප්ලස්) ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ගෙන ඇති තීරණය අනුව හිමිවන ප්‍රතිලාබ සේවකයින්ට ද ගැනීම සහතික කෙරෙන වැඩපිළිවෙළක් සැකසීමට සේවක සමුළුවක් ලබන 18 වැනිදා පෙරවරු 9.30 සිටි කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ ඇමැති මංගල සමරවීර, සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න යන මහත්වරු හා ලංකා සේවක සංගමය, ඇඟළුම් කම්හල් හිමියන්ගේ නියෝජිතයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන්ද එම සාකච්ඡාවට එක්වෙති.