
මේ වන විට ලෝකයේ බහුලවම භාවිතා කෙරෙන විද්‍යුත් ලිපි සේවාව වන ‘ජී-මේල්‘ භාවිතා කරන්නන්ට තමන්ගේ විද්‍යුත් ලිපි යැවීමට මෙන්ම විද්‍යුත් ලිපියකට ගොණුවක් ඇමිණීමට නොහැකි වී තිබේ. අද උදෑසන සිටම පැවැති මේ සම්බන්ධයෙන් ගූගල් සමාගමට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින අතර ඇතැම් කලාපයන්හිදී ලිපිගොණු හෝ ඡායාරූප ඇමිණීමට හෝ බාගත කිරීම ද කළ නොහැකි වී තිබේ.
ඉංජිනේරු කණ්ඩායම් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත්, හැකි ඉක්මණින් තත්ත්වය හඳුනාගෙන දෝෂ නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටින බවත් ගූගල් සමාගම දැනුම් දී ඇතැයි ඉන්දීය ව්‍යාපාරික සඟරාවක් වන ‘බිස්නස් ඉන්සයිඩර්‘ සඟරාව කියයි.
අන්තර්ජාල සේවා බිඳවැටීම් සම්බන්ධයෙන් සොයා බලන සමාගමක් වන ‘ඩවුන් ඩිටෙක්ටර්“ සමාගමේ නිවේදනයක් අනුව මෙම තත්ත්වය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය සහ ලෝකයේ තවත් රටවල් කිහිපයකම ජී-මේල් භාවිතා කරන්නන්ට බලපා ඇති බවත් වාර්තා වේ.

අද උදෑසන 11.00 වන විට ලෝකය පුරා ජී-මේල් සේවා බිඳවැටී තිබූ ආකාරය. තද රතු පැහැයෙන් දැක්වෙන්නේ වඩාත් දරුණු ලෙස සේවාව බිඳ වැටී තිබුණ කලාප වන අතර ළා තැඹිලි පැහැයෙන් දැක්වෙන්නේ සාමාන්‍ය හෝ අඩු මට්ටමේ බිඳ වැටීමක් තිබූ කලාපයි
- සිතියම - ඩවුන් ඩිටෙක්ටර් අනුග්‍රහයෙනි
මාස දෙකක කාලයක් ඇතුළත ජී-මේල් සේවාවේ දෙවැනි බිඳ වැටීම මෙයයි. පසුගිය ජූලි මාසයේදී තම තමන්ගේ ජී-මේල් ලිපින වලට ඇතුළත් වීමේදී බාධා පැමිණුන බව පරිශීලකයෝ පැමිණිලි කළහ. ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ගූගල් සමාගම ප්‍රශ්නය නිරාකරණය කළ නමුත් ඊට පසුබිම් වූ හේතුව හෙළිදරව් නොකළේය.

