
(යොහාන් භාසුර)
ගම් මට්ටමේ සිට රටේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ 1000 ක් හෙවත් රුපියල් මිලියන 100 ක් ලබාගෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මෙවර අයවැයේ සුබසාධනය සහ සංවර්ධන වැඩපිළිවෙළ අනුව ග්‍රාම නිලධාරීන් වසමකට රුපියල් ලක්‍ෂ 20 සහ පළාත් පාලන කොට්ඨාසයකට රුපියල් ලක්‍ෂ 30 ක් වෙන්කරන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක උප සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ 200 ක් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ 1000 ක් හේවත් මිලියන 100 ක් ලබාදෙන බවත් සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

