ජිප් රිය අනතුරු වැලක : මගියෙක් මරුට


මාතර, කඹුරුපිටියේ උත්සව ශාලාවක් අසල නතර කර තිබූ ජිප් රියක් හදිසියේ පණ ගැන්වී ත්‍රී රෝද රියක හා බයිසිකලයකද පාරේ ගිය 62 හැවිරිදි පුද්ගලයකුගේද ඇඟේ හැපී වෙලකට පෙරළී ගිය බව පොලිසිය කියයි.

විදේශ ඇමැති මංගල සමරවීර මහතා සහභාගීවූ ආසන බල මණ්ඩල රැස්වීමක් එහි පැවැත්වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත. පදිකයා පැය 4කට පසු ආඳපාන රෝහලේදී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

ජිප් රථයේ රියදුරා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.