ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත මානව හිමිකම් චෝදනා වලට විරෝධය දක්වමින් ‘ජාතික හිමිකම් සංවිධානයේ’ විරෝධතා පා ගමනක් කොළඹ බෞද්ධාලෝක මාවතේදී අද පැවැත්විණි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඉදිරිපිටින් ගමන් ඇරැඹු විරෝධතා පා ගමන තුම්මුල්ල මං සන්ධියේ එක්සත් ජාතින්ගේ මෙරට ප්‍රධාන කාර්යාලය දක්වා ගමන් කළේය.
භික්ෂුන් වහන්සේලා ඇතුළු සර්ව ආගමික නායකයෝ ඊට එක්ව සිටියහ.ජාතික හිමිකම් සංවිධානය එක්සත් ජාතින්ගේ කාර්යාලයයට සන්දේශයක් ද භාර දුන්නේය.

