ජිනීවා වාර්තාවට එරෙහිව නඩු


යුද්ධයේ අවසන් අදියරේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය සිදු කළ ජත්‍යන්තර විමර්ශනයෙන් තමාට විඳගැනීමට සිදු වූ අවමානය හා නින්දාව වෙනුවෙන් එක්සත් ජාතීනගේ සංවිධානය ලිඛිතව සමාව ගත යුතු බවට වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා අද(23) කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

නීතිඥ කපිල ගමගේ මහතාගේ මාර්ගයෙන් ගොනු කළ එම පැමිණිල්ලේ වගඋත්තරකරු ලෙස  එක්සත්ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක සුබිනේ නන්දි මහතා නම් කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ එම විමර්ශනය නීත්‍යනුකූල නොවන බවත්,එමගින් පැමිණිලිකරු ගේ සුරක්ෂිතභාවය ,සිතේ සැනසිල්ල හා ජාතික ආරක්ෂාව පිළිබඳ හැඟීම් කඩාකප්පල් වී ඇති බවත් ප්‍රකාශ කළේය.

2014 මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ යොජනාවක අනුව ක්‍රියාත්මක වන මෙම විමර්ශනය ලංකා රජය බැහැර කළද ඒ වෙනුවෙන් ගිය රජය ගත් පියවර කිහිපයක් වෙනුවෙන් මහජන අරමුදල් වලින් රුපියල් මිලියන 135 වැය කරමින් සිදුවු මුදල් පාඩුව මහජනයාට දරන්නට සිදුවඇති බවද පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් කියා සිටියේය.