ජිනීවා වාර්තාව පමාකරගන්න මංගල කැස කවයි


එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා ගැන  කැරෙන ජාත්‍යන්තර විමර්ශන  වාර්තාව  තවත් මාස කිහිපයක් පමා කර ගැනීමට ඇති හැකියාව සොයා බලන බව විදේශ අමාත්‍ය  මංගල සමරවීර මහතා වොෂින්ටන් නුවරදී මාධ්‍යවේදීන්  හමුවේ පැවසීය.

ශ්‍රී ලංකා  රජය විධිමත් පරීක්ෂණයක් නොකළ බවට පවසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉකුත් වසරේ මාර්තුවේදී සම්මත කරගත්  යෝජනාවට අනුව කළ ජාත්‍යන්තර විමර්ශනයේ අවසන් වාර්තාව මාර්තු 25 වැනිදා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම චෝදනා සම්බන්ධයෙන්  දේශිය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන අතර එය අවසන් වනතුරු  එම වාර්තාව එදිනට ඉදිරිපත් කිරීම පමා කිරීමට ඇති හැකියාව ගැන ශ්‍රී ලංකා රජය  සොයා බලමින් සිටින බවද සමරවීර මහතා පවසයි.