ජිනීවා උණුසුම දියවන්නාවේ : දිනේෂ් සෙන්කෝලය අරන් යයි


මහින්ද සමරසිංහ මහතාගේ කථාවෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන් මහතාට කථා කිරීමේ අවස්ථාව ලැබීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසන්නට වූහ. කථානායක නියමයද කඩකරමින් විපක්ෂයට අසාධාරණයක් කරතියි ඔවුහු කියන්නට වූහ.

ඊළඟ කථා කිරීමේ අවස්ථාව විමල් වීරවංශ මහතාට හිමිවිය යුතුයැයි ඔවුහු කෑ ගැසූහ. මූලාසනයේ සිටි මුජිබර් රහුමන් මහතා පැවසූයේ තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව දෙන බවයි. විපක්ෂ මන්ත්‍රීවරු ඊටද විරෝධය පළ කරමින් කෑගැසූහ. පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබිණි.

නියෝජ්‍ය වේත්‍රධාරී සභාව මැදට ගොස් සෙන්කෝලය යළි ගුණවර්ධන මහතාගේ ග්‍රහණයෙන් බේරා ගත්තේය. සභාව යළි රැස්වූ පසු විමල් වීරවංශ මහතාට කථා කිරීමට අවස්ථාව ලැබිණි.