ජිනිවා සමුළුවට ලංකාව පිටපට ගහයි

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්තාවට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට අමාත්‍යාංශ මට්ටමින් විවිධ ප්‍රතිසන්ධාන කටයුතු සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ අවසන් නිර්දේශ වලට අනුකූලව ඒ ඒ අමාත්‍යාංශ යටතේ එම දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහීෂිනි කොලොන්නේ මහත්මිය පැවසුවාය .

විදේශ කටයුතු අමාත්‍යාංශයේ අද (10) පැවති  මාධ්‍ය හමුවේදී අමාත්‍යාංශ ප්‍රකාශිකාව මෙසේ කීවාය.

ඒ යටතේ උතුරු හා නැගෙනහිර පළාත්වල පදංචිකරුවන් සතු ඉඩම් යළි ලබා දීම, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ලාංකික ඩයස්පෝරා ප්‍රජාව සමඟ විශ්වසනීය සම්බන්ධතා පවත්වා ඔවුනගේ සහාය රටේ ප්‍රතිසන්ධාන කටයුතු වලට දායක කර ගැනීම සිදුකරන බවද මහීෂිනි කොළොන්නේ මහත්මිය  වැඩිදුරටත් කීවාය.

පසුගිය රජය යටතේ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම,18 වැනි ව්‍යවස්ථා  සංශෝධනය  හා දිගින් දිගටම මානව අයිතීන් උල්ලංඝනය වීම ආදි සියලු අර්බුද හඳුනාගැනීම වත්මන් රජය මේවනවිටත් සිදුකරන බවද ඇය කියා සිටියාය.
එම අර්බුද වලට පිළිතුරු  සපයා ගනිමින් දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ රටේ ප්‍රතිසන්ධාන  වැඩපිළිවෙල ක්‍රියාත්මක  කර එහි ප්‍රගතිය ගැන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කිරීමට විදේශ කටයුතු  අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය .

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා ලබන සැප්තැම්බර් මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි සාකච්ඡාවට ගැනෙන වාර්තාවට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා රජය මේවනවිට අමාත්‍යාංශ මට්ටමින් විවිධ ප්‍රතිසන්ධාන කටයුතු සිදුකෙරෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.