ජානක පෙරේරා නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන ඉල්ලයි


(උපාලි ආනන්ද)

රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු කොටි ත‍්‍රස්තවාදීන් විසින් අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාල නඩුවේ පැමිණිලි  හා විත්ති පාර්ශවයේ දේශන ලබන පෙවරවාරි මස 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (11) නියෝග කළාය.

නඩුවට අදාල පැමිණිල්ලේ සහ විත්තියේ සියලූ සාක්සි විමසීම අවසන්  කිරීමෙන් පසුව විනිසුරුවරිය මෙසේ නියෝග කරනු ලැබුවාය.

මෙම අපරාධයේ ප‍්‍රධාන විත්තිකාර උමාර් හබිතාබ් නැමැත්තා තවදුරටත් ලබන පෙබරවාරි 15 වැනිදා දක්වා යළි රිමාන්ඞ් කිරීමටද මහාධිකරණය නියෝග කළේය.

මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක්  සේ සලකා විභාග කෙරෙන අතර මේජර්  ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29  දෙනකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන්  අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බාරයේ පසුවේ.