ජාන වාර්තාවෙන් කොණ්ඩයාත් අහිංසකයි


කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරියගේ ශරීරයේ තිබී සොයා ගත් ජාන සෛල හා දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩායාගේ ජාන කිසිසේත් නොගැලපෙන බව ඩීඑන්ඒ පරීක්ෂණය කළ බොරැල්ලේ ජින්ටෙක් ආයතනය අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

රහස් පොලිසිය මේ වාර්තාව අද ඉදිරිපත් කළේය.

මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා පැවසුවේ නඩුවේ පරීක්ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 19 වැනි දා ඉදිරිපත් කරන ලෙසයි.