ජාන පිරික්සුමෙන් සිසුවාත් නිදහස් කරන හැඩයි


කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් අත්තනායකගේත් ජාන නොසැසඳෙන බව බොරැල්ලේ ජීන් ටෙක් ජාන පර්යේෂක මධ්‍යස්ථානය සිය වාර්තාවෙන් දන්වා ඇතැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (1) ප්‍රකාශ කළේය.

එසේනම් එම දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් මීගමුව බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.

රහස් පොලිසිය අද මෝසමක් මගින් නඩුව කැඳවීය. පෙරදිනයේ උසාවියට ලැබුණු ඩීඑන්ඒ වාර්තාව අනුව සිසුවා හා අත්තනායක නම් සැකකරු සම්බන්ධ තීරණය ප්‍රකාශ කරන්නැයි අධිකරණයෙන් අයැද සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පාසල් සිසුවාගෙන් හා අත්තනායකගෙන් ගත් සාම්පල හා මියගිය සේයාගෙන් ලබාගත් සාම්පල නොසැසඳෙන බවයි.

එසේ නම් ඒ දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඒ අනුව ඔවුන් අද (1) අධිකරණයට කැඳවන ලෙස මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා මීගමුව බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා බන්ධනාගාර රියක් මීගමුවටද යැවිණි. එතෙක් නඩුව කල් තැබිණි.