ජාතිවාදය ඉතාලියෙත් හිස ඔසවයි
වසර එකොළහක් තිස්සේ ඉතාලියේ ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරන නසීර් රෆීක් අහමඩ් (50) ඉන්දියා ජාතිකයකුට රෝමයේ උමං දුම්රියකදී ජාතිවාදී අසභ්‍ය වචනයෙන් බැන වැදුණු ඉතාලි ජාතික තරුණයෙක් (19) පහරදුන්නේය. උමං මාර්ගයේ සාමන්‍ය ඇඳුමෙන් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධරයෙක් ඒ තරුණයා වහාම අත්අඩංගුවට ගත්තේය. ඉන්දියා ජාතිකයා බරපතල තුවාල සහිතව රෝහල් ගතකර ඇත. මෙම ජාතිවාදී සිද්ධිය සමබන්ධව රෝම නගරාධිපති ජන්නි අලෙමන්නෝ විසින් රෝම ඉන්දියා ජාතිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය මුල්කරගෙන ඉතාලියේ ජාතිවාදී හිංසනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට ඉන්දියා ජාතිකයෝ සැරැසෙති.

