ජාතික හැදුනුම්පත් ඡායාරූප ගාස්තුව 400 ක් වෙයි


(යොහාන් භාසුර)

ජාතික හැදුනුම්පත් සඳහා ඩිජිටල් ඡායාරූප ගාස්තු රුපියල් 150 සිට රුපියල් 400 දක්වා ඉහළ නංවමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජාතික හැදුනුම්පත් ඩිජිටල් ඡායාරූප උපරිම ගාස්තුව රුපියල් 150 ක් ලෙස නියම කරමින් 2016 වසරේ නිකුත් කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කරමින් අමාත්‍ය ටිරාන් අලස් මහතා නව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.  
එම ගැසට් නිවේදනයට අනුව නව ගාස්තුව අද (19)) සිට ක්‍රියාත්මක වේ