ජාතික සේවක සංගමය උදම් අනයි


වසර ගණනාවක් විසඳීමට නොහැකිව පැවති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා වත්මන් රජය විසඳූ බවත් ඉදිරියේදී තවත් සහන රජයේ සේවකයන්ට ලබාදීමට හා වැඩිකළ වැටුප් දීමනාව ඒකාබද්ධ වැටුපට එකතු කිරීමට වත්මන් රජය සූදානමින් සිටින බවත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා අද (4) එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රාජපක්ෂ රෙජීමය නැවත වරක් බොරු බේගල් දොඩමින් රජයේ සේවකයා නොමග යැවීමට කොතරම් උත්සාහ කළත් මෙවර රජයේ සේවකයා ඔවුනට හොඳ පාඩමක් ඉගැන්වීමට සූදානම්ව සිටින බවද ලේකම්වරයා කීවේය.

රජයේ සේවකයන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලද්දී රුපියල් 2500ක් දෙන්නම් කියා එයවත් නොදුන් මහින්ද රාජපක්‍ෂ මහතා දැන් රුපියල්  25,000ක් දෙනවායැයි කීවාට රාජ්‍ය සේවකයින් රැවටෙන්නේ නැතැයි ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ද සිල්වා මහතා එහිදී පැවසීය.

DSC_4938 DSC_4963