ජාතික ශිල්ප අභිමානී‘ ජනාධිපති සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්



(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ඇගයීම සහ ඔවුන් ජාත්‍යන්තරයට හඳුන්වාදීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව සංවිධානය කළ ‘ජාතික ශිල්ප අභිමානී ජනාධිපති සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්විණ. 


මෙහිදී වසරේ විශිෂ්ටතම  දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් ලෙස මහනුවර පදිංචි සංජීව කුමාර ප්‍රේමරත්න සහ ගාල්ලේ පදිංචි ඉන්දික උදයංග ජනාධිපති රන් සම්මානයෙන් පිදුම් ලැබුහ. 


දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන් මෙන්ම දිවයිනේ විවිද පළාත් නියෝජනය කරමින් පාසැල් දරුවන් විසින්ද ඉදිරිපත් කළ  දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයද මෙහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. 


ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන , උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ , ජාතික ශිල්ප සභාවේ සභාපතිනි හෂිනි බෝගොල්ලාගම යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්වුහ.