ජාතික වෙළෙද ප්‍රතිපත්ති වාර්තාව ජනපතිට


ජාතික වෙළෙද ප්‍රතිපත්තියක කේන්ද්‍රීය ලක්ෂණ එළිදැක්වීම  සඳහා වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පත් කළ මහජන කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් විසින් ලබාදුන් අදහස් සාරාංශ කර සකස් කරන ලද අතුරු වාර්තාව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට  පිළිගැන්වීම අද (04)  සිදු කෙරිණි.
 
 කොළඹ 07 විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දී  අද පස්වරුවේ මෙම උත්සවය පැවැත්විණි. 
 
 වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. 
 
 ‘නෛතික නිදහසින් වසර 71කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා,‘ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු ප්‍රදර්ශනය නැරඹීමට ද අනතුරුව ජනාධිපතිතුමා එක් විය. 
 
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් ද වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල පෙරේරා මහතා ඇතුළු  එහි සාමාජිකයෝ රැසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(36698)