ජාතික විග‍ණන පනත අනිද්දා විවාදයට


(සුජිත් හේවාජුලිගේ)
 
රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති ජාතික විග‍ණන පනත අනිද්දා (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනීමට නියමිතය.
මේ පනතේ කෙටුම්පත මෙයට පෙර විවාදයට ගැනීමට නියමිතව තිබුණත් අවස්ථා කිහිපයකදීම විවාදය කල් ගියේය.

 
මේ පිළිබඳව අප ක‍ළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් කුෂාණි රෝහණධීර මහතිමිය පැවසුවේ අනිද්දා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ න්‍යාය පත්‍රයට විගණන පනත පිළිබඳ විවාදය ඇතුලත් කර තිබෙන බවය.
 
විගණන පනතේ කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවීධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
 
විගණන කොම්ෂන් සභාව බලත්මක කිරීම හා විගණන කාර්යාලයක් පිහිටුවීම ජාතික විගණන පනතේ අරමුණයි.