ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු 
 
ජාතික විගණන පනත් කෙටුම්පත පිළිබඳව විවාදය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ විවාදය හෙට (11) සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

 
මේ පිළිබඳව අප කළ විමසුමකදී අදහස් දැක්වු පාර්ලිමේන්තු නිලධාරියෙකු පැවැසුවේ මීළඟ පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවයි.
 
ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
 
විගණන පනත් කෙටුම්පත යහ පාලන රජය ජනතාවට දුන් තවත් එක් වැදගත් පොරොන්දුවකි. මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද දිගු කාලයක් ප්‍රමාද වී පැවතුන අතර ඒ පිළිබඳ විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා එල්ල කළහ.