ජාතික විගණන පනත හෙට විවාදයට


සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී

පසුගිය දිනවල රටේ මහත් කතාබහට ලක්වුණු ජාතික විගණන පනත කෙටුම්පත හෙට (5) දවස පුරා මැතිසබයේදී විවාදයට ගැනෙයි.හෙට උදෑසන 11.00ට ආරම්භවීමට නියමිත විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා ලංකාදීපයට පැවසීය.

මේ පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් අප්‍රේල් මස 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

විගණන පනත් කෙටුම්පත මීට කලින් විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවිධ හේතු මත අවස්ථා ගණනාවකදීම ඒ විවාදය කල් ගියේය.ජාතික විගණන කොමිෂන් සභාව බලාත්මක කිරීම හා ජාතික විගණන කාර්යාලයක් පිහිටුවීම මෙම විගණන පනත මගින් සිදුකෙරේ.