ජාතික විගණන පනත අදත් විවාදයට ගෙන නෑ


සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
 
ජාතික විගණන පනත අද (11) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණත් විවාදයට ගැනුණේ නැත.මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු පැය දෙකකින් අවසන් විය.විගණන පනත පිළිබඳ විවාදය අද දවස පුරා පැවැත්වීමට නියමිතව තිබුණි.

 
විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය නොපැවැත්වුණ හෙයින් සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනිණි.
 
ජාතික විගණන පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය ඉදිරියේදී පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පැවසීය.
 
ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉකුත් 8 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.