ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි


(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

පෞද්ගලික හේතූන් මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව අනුෂ්ක ගුණසිංහ මහතා එසැණ සමග පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කල ගුණසිංහ මහතා වසර 1 1/2 කට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ලංකාදීපයට අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා කියා සිටියේය

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම තමාට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන්ට සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගෞරවනීය ස්තූතිය පුද කරන බවය.