ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක්


පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වා දෙයි.

මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තාවන්ට හිමිව ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් ප්‍රමාණයට වඩා මෙවර කාන්තා නියෝජනය අඩුවී ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.