ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ටත් ඉල්ලා අස්වෙන්නලු


(ඩයනා උදයංගනී)


            ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් 16 දෙනා අතර සිටින ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනා එම ධූර යළි  ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තරුණ වාත්තීයවේදී සංවිධානයේ විධායක සභික නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.


            මැතිවරණයෙන් පරාජය වූ ඩිලාන් පෙරේරාල එස්බී. දිසානායකල ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කරගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේ තම මතවාදය සමඟ  කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන් බව කී කොඩිතුවක්කු මහතා ඔවුන්ට එම මතවාදය සමඟ සිටිය නොහැකි නම් ජනාධිපතිවරයා විසින් ලබාදුන් මන්ත‍්‍රී ධූර යළිත් භාරදිය යුතු බව සඳහන්  කළේය.

 

  එවිට තම මතවාදය ගරු කරන පිරිසක් එම ධූරයන්ට පත්කරගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට හිමිවන බව ද ඔහු කීවේය.


 දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීධූරයෙන් ඉවත් වී එම ආදර්ශය ලබාදුන් බව ද නීතීඥ රජික කොඩිතුවක්කු මහතා පැවසීය.


 කොඩිතුවක්කු මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි