ජාතික රෝහලේ වෛද්‍යවරු, වෛද්‍ය සිසුහු උද්ඝෝෂණයක


(ඡායාරූප - ශාන්ත රත්නායක)

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සහ තවත් ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු සහ  කොළඹ වෛද්‍ය විද්‍යාල සිසුහු  අද (5) ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදුණහ.

අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය   රාජය මගින් අහෝසි නොකළොත් ඉදිරියේදී  වෛද්‍ය වර්ජනය දිගින් දිගටම පවත්වන්න කටයුතු කරන බවයි. ඉදිරියේදී සියළු වෘත්තිය සමිති  එකතුවෙන්  වැඩ වර්ජන කිරීමට කටයුතු කරනබවද ඔහු පැවසීය.

කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු හා වෛද්‍ය සිසුහු මෙම උද්ඝෝෂණයට සහභාගී වුහ.