
(ළහිරු හර්ෂණ)
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ලේ සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට රැගෙන යාමට කටයුතු කළේය.
කොල්ලුපිටියේ පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් මේ ආකාරයෙන් එහි කටයුතු තාවකාලිකව නතර කර ඇත.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශ භූමිය ඉදිකරන තෙක් එහි තිබූ ලොව වටිනාම මිල කළ නොහැකි වටිනා මැණික් ගල් 03ක් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කර්ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගත්තේය.
ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා තිබිණි.






