(රන්ජන් කස්තුරි)
2019 වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට පාසල් කටයුතු අධ්‍යක්ෂ කමනි පෙරේරා සහ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක යන මහත්මීහු අයත්වෙති.
මේ වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ බවට අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් එහිදී කරුණු සොයාබැලීමට නියමිතය.