ජාතික පාසල්වලට අලුතින් සිසුන් 44,568 ක්


(අංජුල මහික වීරරත්න)

ජාතික පාසල්හි  පවතින පුරප්පාඩු  සංඛ්‍යාව ප්‍රකාශයට පත් කිරීම නිසා   නිසා අලුතින් සිසුන් 44,568 කට එම පාසල්වලට ඇතුළු වීමට අවස්ථාව සැලසී ඇතැයි  අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ජාතික පාසල්හි 1,5,6 සහ 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.

බඳවා  ගැනීමේ ක්‍රමවේදයට අදාළ නිර්නායක අනුව  විනිවිද පෙනෙන ක්‍රමවේදයකට මෙම සිසුන්  පාසල් වලට ඇතුළත් කරගත් බවත් ඒ අනුව සිංහල මාධ්‍ය සිසුන් 25,419 දෙනකුටත්,දෙමළ මාධ්‍ය සිසුන් 19,149  දෙනකුටත් දිවයින පුරා ජාතික පාසල්හි අතරමැදි ශ්‍රේණි  සඳහා  ඇතුළු වීමට අවස්ථාවක් ලැබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.