ජාතික පාසල් 1000ක් රටපුරා ස්ථාපිත කිරීමට යයි


(රංජන් කස්තුරි)

රටපුරා ජාතිත පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජාතික පාසල් දහසක් ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා සිසුන් 750ට එවා වැඩි සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පළාත් සභා පාසල් තෝරාගෙන ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික පාසලකට සංවර්ධන කටයුතු වෙනුවන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

රටපුරා දැනට තිබෙන ජාතික පාසල් සංඛ්‍යාව 373කි.