මෙරට ජාතික ගීතය ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ දී ජනිත වී 2015 ඔක්තෝබර මාසයට වසර 75ක් සපිරේ. ඒ වෙනුවෙන් ගාල්ල මහින්ද ආදි ශිෂ්‍ය සංගමයේ මව් ශාඛාව හා කොළඹ ශාඛාව එක්ව වසර පුරා දිවෙන ලෙස සංවිධානය කරන උත්සව මාලාවේ ‘ජාතික ගීතයේ 75 වැනි සමරු දේශනය‘ ජුනි 18 වැනි බ්‍රහස්පතින්දා සවස පහට පැවැත්වීමට නියමිතය.
කොළඹ විශ්ව විද්‍යාලයයේ සෞන්දර්ය අංශයේ මහාචාර්ය කෝලිත භාහු දිසානායක මහතා සමරු දේශනය පවත්වයි.
ජාතික ගීතයේ නිර්මාතෘ හා එවකට ගාල්ල මහින්දයේ ගුරුවරයකු ලෙස සේවය කළ ආනන්ද සමරකෝන් ශූරීන් සමරා පසුගිය මාර්තු මාසයේ දී සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් හා ස්වාමීන්වහන්සේලා 75 නමක් සඳහා සාංඝික දානයක් මහින්ද විද්‍යාලයයේ දී පිරිනැමුණු අතර එය ජාතික ගීයේ සමරු උත්සව මාලාවේ පළමු වැන්න විය.



