ජාතික ක‍්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා දෙකක්
දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන 37 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක‍්‍රීඩා පිටිය ඉසව්වලදී හෙල්ල විසි කිරීමේ (කාන්තා) ඉසව්වෙන් නදීකා ලක්මාලි ද, මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්වෙන් (කාන්තා) එන්. ජී. ජයතිලක ද නව තරග වාර්තා පිහිටුවීමට සමත්වුහ. දකුණු පළාත නියෝජනය කරන නදීකා ලක්මාලි පසුගිය වසරේ පැවැති කී‍්‍රඩා උළෙලේදී ඇය විසින් පිහිටුවන ලද වාර්තාව (මීටර 58.48) අලූත් කරමින් මෙවර මීටර 57.11 කට හෙල්ල විසි කරමින් වාර්තාව පිහිටුවුවාය. සබරගමුව පළාත නියෝජනය කරන ජයතිලක මීටර 400 කඩුලූ පැන දිවීමේ ඉසව්ව විනාඩි 1. තත්පර 01.45 කින් නිම කරමින් වාර්තාව පිහිටුවු අතර 2009 වසරේදී ඩබ්ලිව්. කුසුමාවතී විනාඩි 1. තත්පර 01.82 කින් පැරණි වාර්තාවට හිමිකම් කීවාය.

