ජාතික කොඩිය ඡන්ද වැඩට


බස්නාහිර පළාත් සභාවේ කළුතර දිසාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්   තරඟ කරන අපේක්ෂකයකු ජාතික ධජය සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට දන්වා ඇත.

එම අපේක්ෂකයා යන  වාහනයේ ජාතික ධජය අලවා ඇති බවත්, පොස්ටර හා කටවුට් සඳහා ද ජාතික ධජය යොදා ගෙන ඇති බවත් එම සංවිධානය කියයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින සන්ධානයේ තවත් අපේක්ෂකයකු ගරාජ් අංක සහිත වාහන යොදා ගන්නා බව ද,  එවැනි වාහන හයක් එම අංකය යටතේම හොරණ, මතුගම ආදී ප්‍රදේශවල ද ප්‍රචාරණ කටයුතු සිදු කරන බව ද  කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට කළ පැමිණිල්ලේ සඳහන් වේ.