ජාතික ඒකාබද්ධතා සමීක්ෂණ වාර්තාව එළි දකී


(​ඉෂාන් සංජීව)

ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය එක්ව 2017 වර්ෂයේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අමාත්‍යංශය මට්ටමින් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් කළ ​​සමීක්ෂණ වාර්තාව එළි දැක්වීම ජාතික ඒකාබද්ධතා, සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදි ​අද (28) පැවැත්විණි.​​


මෙහිදි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතනය තුළ ක්‍රියාත්මක වීමට අදාළ ​රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිඹිබු කිරීම, පරිපාලන හා ලේඛන සකස් කිරීම, සේවා සැපයීම හා ආයතනික කැපවීම යන කාරණා​​ ​යටතේ සමීක්ෂණය ක්‍රියාත්මක කර ඇත. සමීක්ෂණයට සම්බන්ධ වූ අමාත්‍යංශ 49 හි වාර්තා සහ සංක්ෂිප්ත වාර්තාව ඒ ඒ අමාත්‍යංශයන් වෙත පිළිගැන්වීම මෙහිදි සිදුවිය.