ජාතික ආර්ථිකය කැඩුවේ පොරොන්දු දේශපාලනය


(අංජුල මහික වීරරත්න)

පොරොන්දු දේශපාලනය හේතුවෙන් ජාතියේ ආර්ථිකය කඩා වැටී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මැතිවරණ සඳහා සූදානම් වන විට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙස  සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා කීය.

 ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

කොළඹ රේගු මූලස්ථානයේ දී මෙම සැමරුම් උත්සවය පැවත්විණි.