
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නැවත කිසි දිනක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්න ජාතික ජන බලවේග රජය ඉඩ තියන්නේ නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජාතික ආරක්‍ෂාව හෝ මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් අද රටේ කිසිම ගැටලුවක් නැහැ.රටේ තිබුණේ සංවිධානාත්මක කල්ලි වල ආරවුලක් පමණයි.මේ වන විට අප ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබෙනවා.ලංකාව හොඳම සංචාරක ස්ථාන දහයෙන් එකක් ලෙසත් නම් කරනු ලැබුවේ ඒ නිසයි.වර්ෂයක් තුළ අප කටයුතු කළ ආකාරය නිසා ජාත්‍යන්තර විශ්වාසයද ගොඩනැගී තිබෙනවා.ජාතික ආරක්ෂාව සඳහා ආර්ථික ස්ථාවරත්වය වැදගත් වෙනවා.නීතිය හා සාමය නැවත ස්ථාපිත කර තියෙනවා.අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කළා.ඡන්දය අවසානයේ මහා කෝලාහලයක් ඇතිවෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවා.නමුත් අප ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මහජන ආරක්ෂාව එක රැයින් තහවුරු කළා.මීට පෙර තිබුණේ එක ජන කොටසක් අනතුරේ හෙළා තව ජන කොටසක් වෙනුවෙන් හැදුනු ප්‍රතිපත්ති, යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

