ජාතික ආධුනික බොක්සිං ශූරතාව පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයට


ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 85 වැනි ජාතික බොක්සිං තරගාවලියේ (2011) ශුරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය සමත්විය. එහිදී විශේෂත්වය වන්නේ 34 වතාවක් ශූරතාව හිමි කර ගෙන සිටින යුද හමුදා කී‍්‍රඩා සමාජය මෙවර ලද පරාජයයි. මෙවර ඔවුන්ට තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. තරගාවලියේ පිරිමි අවසන් තරගවලදී ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩකයෝ බර පංති තුනක රන් පදක්කම ද, තවත් බර පංති තුනක රිදී පදක්කම ද දිනා ගැනීමට සමත්වුහ. එහිදී යුද හමුදාවට හිමි වුයේ රන් පදක්කම් දෙකක් පමණක් වන අතර පසුගිය වසරේ අනුශූරතාව හිමිකර ගත් නාවික හමුදාවට මෙවර හිමිවුයේ එක් බර පංතියක ජය පමණි. ආර්.ටී.ජයතිලක, අසංක රාජපක්‍ෂ සහ පී.ඞී.සුරේෂ් ස්ලිම්ලයින් පිලට රන් පදක්කම් හිමිකර දුන් ක‍්‍රීඩකයෝ වුහ. මෙවර තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් බර පංතියේ ශුරතාව දිනා ගත් ගුවන් හමුදා පිලේ එන්. ටී. ජයකොඩි සම්මාන ලැබීය. නාවික හමුදා ක‍්‍රීඩක ජී .එස්. කුමාරසිංහ දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩකයාට හිමි සම්මානය ලැබීය. කාන්තා තරගාවලියේ ශුරතාව පිට පිට දෙවැනි වරටත් මාස් සදර්න් කණ්ඩායම දිනා ගත්තේය. මාස් සදර්න් ‘සී’ පිල තෙවැනි ස්ථානය ලැබීය. එහිදී මාස් සදර්න් පිලේ නිල්මිණී ජයසිංහ දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙසත් යුද හමුදා පිලේ පී. කේ. සුමුදු දක්‍ෂතම පරාජිත ක‍්‍රීඩිකාව ලෙසත් සම්මාන ලැබුහ. වසරේ බොක්සිං ක‍්‍රීඩකයා හෝ ක‍්‍රීඩිකාවට හිමි වන සම්මානය ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජයේ පී. ඞී. සුරේෂ් දිනාගත් අතර යුද හමුදා ක‍්‍රීඩා සමාජය වසරේ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩා සමාජය ලෙස සම්මාන ලැබීය. කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වුණි. අවසන් තරග ප‍්‍රතිඵල: පිරිමි කි.ග‍්‍රෑ. 49 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය සී.අයි.පෙරේරා (යුද හමුදා ‘ඒ’) විසින් එම්.ආර්.කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 52 ට අඩු ෆ්ලයි බර පංතිය පී.ඞී.සුරේෂ් (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් ඞී.පී.ජයමාන්න (ගන්දර) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 56 ට අඩු බැන්ටම් බර පංතිය ආර්. ටී. වීරක්කොඩි (යුද හමුදාව ‘ඒ’) විසින් ජී. එස්. ජයවීර (යුනිචෙලා) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය එන්.ටී.ජයකොඩි (ගුවන් හමුදාව) විසින් ඒ.බී.ගුණතිලක (ස්ලිම්ලයින්) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 64 ට අඩු ලයිට් වෙල්ටර් බර පංතිය වයි.එම්.ඩිල්ෂාන් (ගුවන් හමුදාව ‘ඒ’) විසින් එස්.එන්. හීල්බත්දෙණිය (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය අසංක රාජපක්‍ෂ (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එස්.නවරත්න (ගන්දර) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය ආර්.ටී.ජයතිලක (ස්ලිම්ලයින් ‘ඒ’) විසින් එම්. ඒ. දිවාරත්න (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 81 ට අඩු ලයිට් හෙවි බර පංතිය ඒ.එන්.ප‍්‍රනාන්දු (නාවික හමුදාව ‘ඒ’) විසින් සුරංග මුදන්නායක (ස්ලිම්ලයින් ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 91 ට අඩු හෙවි බර පංතිය ආර්.සී.හේරත් (යුද හමුදාව ‘බී’) විසින් ඩබ්ලිව්. එස්. එරංග (නාවික හමුදාව ‘බී’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 91 ට වැඩි සුපර් හෙවි බර පංතිය පී.පී.රත්නගේ (යුද හමුදාව ‘ඒ’) විසින් ඒ.ඩබ්ලිව්.හෙට්ටිගේ (නාවික හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී. කාන්තා කි.ග‍්‍රෑ. 48 ට අඩු ලයිට් ෆ්ලයි බර පංතිය කෝසලා නිල්මිණී (මාස් සදර්න් ‘ඒ’) විසින් ඊ.ජී.ද සිල්වා (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 51 ට අඩු ෆ්ලයි බර පංතිය අනුෂා කොඩිතුවක්කු (මාස් සදර්න් ‘ඒ’) විසින් එල්.ජී.චන්ද්‍රිකා (යුද හමුදාව ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 54 ට අඩු බැන්ටම් බර පංතිය විදුසිකා ප‍්‍රබාදි (මාස් සදර්න් ‘ඒ’) විසින් එස්.පී.ගුනෙත්ති (පොලිසිය) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 57 ට අඩු ෆෙදර් බර පංතිය එල්.එස්.සඳරේඛා (මාස් සදර්න් ‘බී’) විසින් ඞී.කේ.සල්ගාදු (යුද හමුදාව ‘ඒ’ ) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 60 ට අඩු ලයිට් බර පංතිය නිල්මිණී ජයසිංහ (මාස් සදර්න් ‘ඒ’) විසින් පී.කේ.සුමුදු (යුද හමුදාව) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 64 ට අඩු වෙල්ටර් බර පංතිය එන්.එස්.කරුණාරත්න (යුද හමුදාව) නිතරග ජයක් කි.ග‍්‍රෑ. 69 ට අඩු වෙල්ටර් බර පංතිය ඞී.ඞී.එස්.වීරරත්න (පොලිසිය) විසින් ටී.එන්.ධර්මසේන (මාස් සදර්න් ‘ඒ’) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය ජී.ද සිල්වා (ගුවන් හමුදාව) විසින් ඩබ්.ජේ.රත්වත්ත (යුද හමුදාව) පරාජය කරන ලදී. කි.ග‍්‍රෑ. 75 ට අඩු මිඞ්ල් බර පංතිය කි.ග‍්‍රෑ. 81 ට අඩු සුපර් හෙවි බර පංතිය ටී.එම්.වීරසිංහ (යුද හමුදාව) විසින් එච්.චන්ද්‍රසේකර (මාස් සදර්න් ‘බී’) පරාජය කරන ලදී. ශූරතා දිනාගත් ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය සහ මාස් සදර්න් ක‍්‍රීඩිකාවෝ.............   [ඡායාරූප: ගයාන් අමරසේකර]