ජාතික ආණ්ඩුව දිගටම ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද පර්ලිමේන්තුවට දැනුම් දුන්හ.
ඒ සඳහා ගිවිසුමක් අවශ්‍ය බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළ අතර ආණ්ඩු පක්ෂය කීවේ එවැනි ගිවිසුමක් අනවශ්‍ය බවයි.