නාලක සංජීව දහනායක
ජාතික ආණ්ඩුව ඉදිරියටත් මේ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
මේ අවස්ථාවේදී එක එක පුද්ගලයන් තම තමන්ගේ මත ප‍්‍රකාශ කරන බවත් ඒවාට වඩා ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නිළ ප‍්‍රකාශ වලට වැඩි තක්සේරුවක් දෙන ලෙසද නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිළ නිවසට පැමිණ ජානධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (16) මුණ ගැසී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යෙවිදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවැත්විණි.