(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්ෂය සමඟ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළහොත් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී.ල.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂයක් බැවින් එක්සත් ජාතික පෙරමුණු රජය ඔවුන් සමඟ එක්වී ජාතික ආණ්ඩුවක් සැදීම සදාචාරාත්මක නැති බව ද මහලේකම්වරයා කීවේය.
ජාතික ආණ්ඩුවක් සැදීමට ඔවුන් උත්සාහ කරන්නේ පක්ෂය තුළ ඇති අර්බුද විසඳාගැනීමට මිස රටට සේවයක් කිරීමට නොවන බව ද හෙතෙම සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.