(ඩී.ජී.සුගතපාල)
නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදි අයිස් නමැති මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගන්නා ලද විදේශිය යාත්‍රාව හෙට (01)දික්ඕවිට වරාය වෙත ගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.
කිසිම රටක ධජයක් නොමැතිව මෙම නෞකාව යාත්‍රා කරමින් සිටියදි දකුණු මුහුදේ හුංගම සිට නාවික සැතපුම් 463ක්(කිලෝ මිටර් 850) දුරදි ශ්‍රි ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවක් වන සයුර නෞකාව මගින් 28 වනදින අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදි එහි තිබි අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 500ක් කොකේන් කිලෝ 500ක් බාබුල් නමැති මත්ද්‍රව්‍ය පැකට් 200ක් තවත් හඳුනා නොගත් වර්ගයක මත්පෙති ග්‍රෑම් 100ක් ඇතුලු මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනා කම රුපියල් මිලියන 12500ක් වන අතර පෙබරවාරි 22වනදින සහ 25වනදිනද මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශිය යාත්‍රා දෙකක් විදේශිකයින් 16ක්ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව මෙය ලංකාවට මත් ද්‍රව්‍ය ගෙන එමින් සිටියදි මාස දෙකක් ඇතුලතදි අත් අඩංගුවට ගන්නා ලද තුන්වන විදේශිය යාත්‍රාවේ.

