ජාත්‍යන්තර මුල්‍ය අරමුදල - ලංකාව අතර රැස්වීම් කල්යයි


හිම කුණාටු හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලැගාඩි මහත්මිය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර අද (14) වොෂින්ටනයේ දී පැවැත්වීමට නියමිතව තිබු රැස්වීම කල්දමා තිබේ.

ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව ඔහුගේ ට්ව්ටර් ගිණුමේ සඳහන් කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලුම රැස්වීම් හිම කුණාටු  හේතුවෙන් කල්දමා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, රැස්වීම් පැවැත්වෙන ස්ථානය පිළිබඳව ඇමැතිවරයා කිසිදු සඳහනක් සිදුකර නොමැත.

(28535)