(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත ජාත්‍යන්තර පාසලක පිහිටි ගබඩාවක තිබී "අල්කුරආන්" පොත් 15000 ක තොගයක් සොයා ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
අල්කුර්ආන් පොත් තොගයක් සඟවා ඇති බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව එම ගබඩාව පරික්ෂා කිරීමෙන් අනතුරුව පොත් තොගය සොයාගෙන ඇත.
එම පොත් වල අන්තර්ගතය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොත් කීපයක් පොලිස් බාරයට ගෙන එම ගබඩාවට මුද්‍රා තැබූ බව වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජෙමාන්න මහතා පැවසීය.

