ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම සඳහා වූ කමිටුවක් පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එම පාසල්වල ප්‍රමිතිය ආරක්ෂා කිරීමෙ අරමුණින් මෙම කමිටුව පත් කැරෙයි.
එතනෝල් ව්‍යාපාරිකයන් වැනි අයට මින් ඉදිරියට ජාත්‍යන්තර පාසල් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බව කී ඇමැති එම පාසල්වල ප්‍රමිතිය හා ප්‍රමාණවත් පහසුකම් තිබේද යන්න පරීක්ෂා කරමින් වාර්ෂිකව බලපත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.

