(සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ මෝටර් රිය අද (26) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටජල පොකුණට වැටී අනතුරට ලක්විය.
නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති වැඩ මුළුවට සහභාගි වෙමින් සිටි නිහාල් අබේසිංහ මහතා රැගෙන ඒමට ඔහුගේ රියදුරා මෝටරි රියපාර්ලිමේන්තුවට රැගෙන එමින් තිබියදී මෙසේ අනතුරට ලක්ව ඇත.
වාහනය ජල පොකුණට වැටි මැදටම පෙරළි ගොස් ඇතැයි වාර්තාවේ.
අනතුරින් රියදුරාට කිසිදු හානියක් වී නැති අතර පාර්ලිමේන්තු සේවකයන් විසින් ඔහු ආරක්ෂිතව ගොඩට ගෙන එනු ලැබ ඇත. වැහි අඳුර හේතුවෙන් පාර නොපෙනී යාමෙන් මෝටර් රිය මෙසේ ජල පොකුණට වැටෙන්නට ඇතැයි සැක කෙරේ. ජල පොකුණට වැටුණු මෝටරිය ගොඩට ගැනීමට පාර්ලිමේන්තු සේවකයෝ ඊයේ රාත්‍රිය වන විටත් උත්සාහ දරමින් සිටියහ.