ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි


(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.

රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාවෙන් මෙම රැලිය පැවැත්වෙයි. චීන, ඉන්දියා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝද ජාත්‍යන්තර සහයෝගය දක්වමින් මෙම මැයි රැලියට සහභාගී වීම විශේෂත්වයක් විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වේ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)