ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ


(දයාරත්න ඇඹෝගම)

ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදි පැවැත්වුණි.

මෙහිදි සමුළුව ඇමතු අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ ලබන වසරේ මහ කන්නයේදි ජාතික ජනබල වේගයේ රජයක් පිහිටවන බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසිංහ,වසන්ත සමරසිංහ,එම පක්ෂකයේ විධායක නිලධාරින් ඇතුළු කාන්තාවන් විහාල පිරිසක් එක්ව සිටියහ.

එම කාන්තා සමුළුව අනුරකුමාර දිසානායක මහතා ඇමතු අයුරැත් ඊට සහභාගිවු කාන්තාවන් පිරිසෙන් කොටසකුත් සේයාරැ වලින් දැක්වේ.