
(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.ජේ.එම් ජයරත්න මහතා (ජාතික ජනබලවේග) ඉදිරිපත් කරන ලද ප්‍රථම අයවැය එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රි වරයකුගේ ද ඡන්දයකින් සම්මත ගැනීමට හැකිවිය.
අයවැයට පක්ෂව ඡන්ද ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 11 දෙනා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මලින්ද නවෝද් ප්‍රනාන්දු මහතා ඡන්දය ප්‍රකාශ කළේය. සමගි ජනබලවේග පක්ෂය ඇතුළු විපක්ෂයට හිමි වූයේ ඡන්ද 11ක් පමණි.
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රි සංඛ්‍යාව 23කි. ඉන් මන්ත්‍රී ආසන 11ක් ජාතික ජනබවේග පක්ෂය දිනා ගත් අතර සමගි ජනබලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයට ඡන්ද 12ක් හිමි විය.
සමගි ජනබලවේගය මන්ත්‍රි ආසන හයක්, එක්සත් ජාතික පක්ෂය ආසන දෙකක්, ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී ආසන හතක් දිනා ගෙන ඇත.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම අයවැයට එකග නොවන බවට සමගි ජනබලවේගය ඇතුලු විපක්ෂ කණ්ඩායම ඒකමතිකව ප්‍රකාශ කළ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුකරන ලදි.
එහිදී ජාතික ජනබලවේගය පක්ෂය විසින් ඡන්ද 12 ලබාගත් අතර එකාබද්ධ විරුද්ධ පක්ෂය විසින් ලබාගනු ලැබුවේ ඡන්ද 11ක් පමණි.

