(නිමන්ති රණසිංහ)
ජා ඇළ මහවත්ත ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මිනුවන්ගොඩ ‘‘කළු අජිත්‘‘ නැමැත්තා මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම වෙඩි තැබීම අද රාත්‍රී 7.00 ට පමණ සිදුවී ඇත.
කළු අජිත් නමැත්තා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

