ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණු වන නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත්, දි.මු.ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, ඩලස් අලහප්පෙරුම වැනි ජ්‍යෙෂ්ඨයනට ජාතික ආණ්ඩුවේ ඇමැතිකම් ලැබී නැත.
පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන් වූ පවිත්‍රා වන්නිආරච්චි, රංජිත් සියඹලාපිටිය, ජීවන් කුමාරතුංග, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂමන් යාපා, ලලිත් දිසානායක, සී.බී.රත්නායක යන පිරිසට රාජ්‍ය ඇමැතිකම් හා නියෝජ්‍ය ඇමැතිකම් දක්වා පහළ වැටී ඇත.
නිමල් සිරිපාල ද සිල්වා මහතා තවදුරටත් විපක්ෂ නායක වශයෙන් සිටිනු ඇතැයි දැනගන්නට තිබේ.

