(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චූලවංශ සිරිලාල් මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු මිය යන විට 68 වැනි වියේ පසුවිය.
දශක හතරකට වැඩි කාලයත් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ සිරිලාල් මහතා ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ’ කැඳවුම්කරු ලෙස ද කලක් කටයුතු කළේය.
ඔහු පසුගිය කාලයේ මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ අරගලවල පෙරමුණ ගෙන සිටියේය.
චූලවංශ සිරිලාල් මහතා 1970 දශකයේ දී පුවත්පත් කලාවට පිවිසියේ ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ ‘ඇත්ත’ පුවත්පතෙනි.
ඉන්පසු ඔහු ලංකාදීප, යුක්තිය සහ රාවය යන පුවත්පත්වල දේශපාලන විශ්ලේෂකයකු ලෙස ද කටයුතු කළේය.
මිය යන විට ඔහු ‘ලංකා ප්‍රෙස්‘ වෙබ් අඩවියේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
චූලවංශ මහතා 1994 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය ලේකම් තනතුරට පත්වූ නමුත් පසුව එම රජය මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්‍ෂා කිරීමේ පොරොන්දුව කඩ කළ බව කියමින් එම තනතුරෙන් ඉවත්විය.
ඔහුගේ පුතු වන රංග සිරිලාල් මහතා මෙරට ‘රොයිටර් පුවත්’ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන අතර දියණිය වන චාමි බමුණුසිංහආරච්චි අත්තනායක කැනඩාවේ වෛද්‍යවරියක ලෙස සේවය කරන්නීය.
සිරිලාල් මහතාගේ දේහය බත්තරමුල්ල, වික‍්‍රමසිංහපුර, 1 වන පටුමග, අංක 19/2 ඒ දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී හෙට (23) සවස 5.30ට සිදුකෙරේ.

